කෙසෙල් ඇවරියක මත් ද්‍රව්‍ය සඟවාගෙන රැඳවියන් බලන්න ඇවිල්ලා
Related Articles
අද ප.ව.03.15 පමණ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් 02කු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් සැකකරුවන්ට ලබා දීම සඳහා රැගෙන එන ලද ආහාර කළුතර බන්ධනාගර අමුත්තන් පෙන්වන ස්ථානයේ රාජකාරී නියුතු නිළධාරීන් විසින් සෝදිසියකට ලක් කර තිබෙනවා.
එහිදී සැකකරුටන්ට ලබා දීමට රැගෙනවිත් තිබූ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩි තුළ අඟල් 03 සහ 04 ප්‍රමාණයේ බීම බට 16ක් තුළ හෙරොයින් යැයි සැකකළ හැකි මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා හා අදාල මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර උතුර පොලිසිය වෙත භාරීදීමට කටයුතු කර ඇති අතර, සිදුවීම සම්බන්ධනයෙන් කළුතර බන්ධනාගාරය මගින් විමර්ශණයක් ආරම්භ කර ඇත.