fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙණියාය විහාරහේන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2023 17:11

දෙණියාය විහාරහේන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා

දෙණියාය විහාරහේන මාර්ගයට  පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අද  උදෑසන දෙණියාය මූලික රෝහල ආසන්නයේ සිදු වූ මෙම නායයෑම හේතුවෙන් මාර්ගය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලීසිය පවසයි.

මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු කොටපොළ ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භ කෙරුණ ද තවදුරටත් පස් කඳු නායයෑමේ අවදානමක් නිරීක්ෂණය වීම හේතුවෙන් එම කටයුතු තාවකාලික ව නතර කර තිබෙන බව ද සඳහන්ය.

මේ අතර මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවුල් 04ක පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් දෙණියාය – විහාරහේන මාර්ගය භාවිත කරන පුද්ගලයන්ට විකල්ප මාර්ග සඳහා යොමු වන ලෙස ආපදා කළමණාකරණ නිලධාරීන් දැනුම් දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2023 17:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්