නව බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක්
Related Articles
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබූ නව බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්වුණා.
විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමේදී කටයුතු කළ යුතු ආකාරය, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් බලපාන්නාවූ නීතිමය පසුබිම, විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා, කාර්යාංශය හා විදේශ තානාපති කාර්යාල සමඟ සම්බන්ධවී කටයුතු කිරීමේදී දැනුවත් වියයුතු තොරතුරු තාක්ෂණ ක්‍රියාවලිය මෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් දැනුමක් නව බලපත්‍රලාභීන් වෙත ලබාදීමට කාර්යාංශය මෙහිදී කටයුතු කළා.
කාර්යාංශයේ බලපත්‍ර අංශය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී .සේනානායක මහතා, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන එම්. ආර්. සී .බී. ඒකනායක මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන ඒ.කේ.යූ.රෝහණ මහතා, ඉන්දිරා පතිනායක මහත්මිය, සෙනරත් යාපා මහතා,පී. එම්. රත්නසිංහආරච්චි මහත්මිය,ඩබ්ලිව්,ඒ.කේ.කුමාරි මහත්මිය, රොහාන් විජේසේන මහතා, ඇතුළු කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.