fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2023 06:29

අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

චීනයේ හැංෂො ( Hangzhou ) හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා ක්‍රිකට් අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ කණ්ඩායම් නායිකා චමරි අතපත්තු,

“මට ගොඩක් සතුටුයි මේ ජයග්‍රහණය පිළිබඳව.

මේ අවුරුද්ද අපට හොඳ වසරක්.

අපි එංගලන්තය පරදා විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ලැබුවා.

ඊට අමතරව බංග්ලාදේශය සහ නවසීලන්තයත් පරාජය කළා.

අපගේ ඉදිරි බලාපොරොත්තුව ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමටයි.

අපගේ පන්දු යැවීම සහ පන්දු රැකීම හොද මට්ටමක පවතිනවා.

පිතිකරණයත් දියුණු කරල හදා ගන්න ඕනෑ.

එමගින් අපිට ලෝක ශූරතාවය දිනා ගැනීමට පුළුවන්” යැයි ඇය පැවසුවා.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2023 06:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්