බැටළුවෝ ගංජා කිලෝ 100කට කරපු දේ
Related Articles
ග්‍රීසියේ Almyros නගරය අසල බැටළු රංචුවක් පසුගියදා හරිතාගාරයක් තුළ වගා කරන ලද ගංජා කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් කා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම හරිතාගාරය තුළ ඖෂධමය භාවිතය සඳහා වගා කර තිබූ ගංජා කිලෝ 100ක් පමණ බැටළුවන් කා දමා තිබෙනවා.
බැටළු රංචුව අයත් එඬේරා ඔවුන්ව සොයාගත් විට බැටළුවන් අමුතු ලෙස හැසිරෙන බව ඔහුට නිරීක්ෂණය වූ බවයි ඔහු පවසා ඇත්තේ.
කෙසේ වෙතත් එම ගංජා වගා කර තිබූ හරිතාගාරයේ අයිතිකරු පැවසුවේ ගංවතුරින් පීඩාවට පත් වී සිටි ඔවුන්ට ඉතිරිව තිබූ ගංජා ප්‍රමාණය බැටළුවන් කා දැමීම ඔවුන්ට සිදුවූ විශාල පාඩුවක් බවයි.
2017 සිට ඖෂධීය අරමුණු සඳහා ගංජා වගා කිරීම ග්‍රීසියේ නීත්‍යානුකූල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.