fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව දත් වර්ධනය කිරීමට හැකි ඖෂධයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2023 14:02

නව දත් වර්ධනය කිරීමට හැකි ඖෂධයක්

නව දත් වර්ධනය කිරීමට හැකි ඖෂධයක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත හැකි බව විද්‍යාඥයින් පවසනවා.

නව දත් වර්ධනයට උපකාරී වන ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා ජපානයේ විද්‍යාඥයින් මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

දිරාපත් වීම හෝ ජානමය ගැටලු හේතුවෙන් අහිමි වු දත් වෙනුවට නව දත් වර්ධනය කිරීමට එම ඖෂධයට හැකියාව ඇති බවයි පරීක්ෂකයින් කණ්ඩායම සඳහන් කරන්නේ.

ඖෂධය නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ වන විට විශාල සාර්ථකත්වයක් හිමිකර ගෙන ඇති බව ද ඔවුන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් සතුන් යොදා ගනිමින් රසායනාගාර පරීක්ෂණ සිදුකර ඇති බව ද සඳහන්.

ලබන වසරේ දී එම ඖෂධය මිනිස් භාවිතය සඳහා යොදා ගත හැකි බවට විද්‍යාඥයින් කණ්ඩායම මත පළ කරනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2023 14:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්