fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් චෝදනාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2023 12:30

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් චෝදනාවක්

විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වන බවත්, මෙමගින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) සඳහන් කරනවා.

එම සංගමය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළා.

කිලෝවොට් 500 දක්වා බලය සහිත විද්‍යුත් වාහන හෝ ප්ලගින සීසී 3000 දක්වා ආනයනය කිරීම සඳහා සියයට සියයක රේගු ගාස්තුවක් පැනවීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ, වාහන ගෙන්වීම එක් ආයතනයකට ප්‍රතිලාභය සැලසෙන පරිදි අවස්ථාව සලසාදී තිබෙන බවත්, මෙම විද්‍යුත් වාහන සඳහා පළමු වසර දෙකේදී මෙරට තුළදී අගය එකතු කිරීමක් අවශ්‍ය නොවන බවත්, මෙලෙස එක් ආයතනයකට පමණක් වාහන ආනයනය කිරීමේ අවස්ථාව ලබාදීම නිසා එම ආයතනයට සිය අභිමතය පරිදි වාහන මිල ගණන් ඉහළ දැමීමේ අවස්ථාව හිමි වන බවයි.

අදාළ කැබිනට් යෝජනාව අනුමත වුවහොත් දැනට පිරිහෙමින් පවතින වාහන කර්මාන්තයට තවත් දැඩි ලෙස බලපෑමක් එල්ල වන බවත්, මෙලෙස වාහන ආනයනය කිරීම නිසා ජාතික ආදායමට හෝ ආර්ථිකයට අපේක්ෂිත ප්‍රතිඵලයක් අත් නොවන බවත්, තීරුබදු රහිතව වාහන ආනයනය කිරීම නිසා රජයට වාසියක් නොලැබෙන බවයි, එම සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2023 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්