fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තැපෑල භාණ්ඩාගාරයෙන් යැපෙන දෙපාර්තමේන්තුවක් බවට පත් වෙන්න ඉඩ තියන්නේ නෑ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2023 12:12

තැපෑල භාණ්ඩාගාරයෙන් යැපෙන දෙපාර්තමේන්තුවක් බවට පත් වෙන්න ඉඩ තියන්නේ නෑ

වසරකට රුපියල් බිලියන හයක , හතක පමණ පාඩුවක් ලබන තැපෑල ලබන වසර අග භාගය වන විට භාණ්ඩාගාරයට බරක් නොවන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇතැයි වැඩ බලන අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

අභ්‍යන්තර විභාගයෙන් සමත් වු උප තැපැල් ස්ථානාධිපතිවරුන් හා ඛණිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා තුන්වන පෙළ තැපැල් සේවා නිලධාරි පත්වීම් සහ රියදුරන් 26 දෙනෙකු සඳහා පත්වීම් ලබාදිමේ අවස්ථාවට එක්වෙමින් ශාන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියා.

තැපෑල සතුව 25000 කාර්ය මණ්ඩලයක් සිටිය ද ඉන් 2000කට පමණ විනය පරීක්ෂණ පවතිනවා.

විනය පරීක්ෂණ ප්‍රමාදවීම විශාල ගැටලුවක් බවයි වැඩබලන අමාත්‍යවරයා කියා සිටියේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2023 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්