fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 18:05

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක්

රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ හරහා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට රඳවා ගැනීමේ බද්ධ නිසා මෙතෙක් මුහුණ දීමට සිදුවූ අසාධාරණයට විසඳුමක් ලැබෙනු ඇති.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ගැටළු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා 1944 නව දුරකථන අංකයක්ද වෙන්කර ඇති බවයි.

මේ දක්වා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට තම තැන්පතු සඳහා පොලී මුදල් ලබාගත හැකි වූයේ වසරක් ගතවීමෙන් පසුවයි.

ඊයේ දිනයේදී නිකුත් කළ නව චක්‍රලේඛය අනුව වසරක් ගත නොවූවද රුපියල් ලක්ෂයට අඩු තැන්පත් ඇති ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට තම පොලී මුදල් ලබාගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා විමසීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සෑම කාර්යාලයකම වෙනම නිලධාරීයෙකුද පත්කර ඇති බවයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 18:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්