fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුරකතනයට ඇබ්බැහි වී සියදිවි හානි කරගත් 18 හැවිරිදි තරුණයා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 17:20

දුරකතනයට ඇබ්බැහි වී සියදිවි හානි කරගත් 18 හැවිරිදි තරුණයා

තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී පස්වන මහලින් පැන සියදිවි හානි කරගත් 18 හැවිරිදි තරුණයා දෙම්පියන් විසින් ජංගම දුරකතනය ලබා ගත්තේ යැයි උරණ වී පිහියකින් ශරීරය කපා ගෙන
ප්‍රචණ්ඩ ලෙස හැසිරීමෙන් පසු විශාදය තත්ත්වයට පත්ව රෝහල් ගතකර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

මෙම තරුණයා දිනකට පැය 18 ක පමණ කාලයක් දුරකතනය සමඟ ගත කරමින් සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් අවවාද කළ අවස්ථාවේ තමන්ගේ ශරීරයට අවස්ථා කිහිපයක දී තුවාල සිදු කරගෙන
තිබෙන බවයි වාර්තා වන්නේ.

පන්විල කන්දේකුඹුර ප්‍රදේශයේ පදිංචි හර්ෂණ ලක්ෂාන් දිල්රුක්ෂ නැමැති මෙම තරුණයා රෝහලේ පස්වන මහලින් බිමට පනින්ට පෙර ලිපියක් ද ලියා තිබෙනවා.

පවුලේ කිසිවෙකු හෝ සමඟ සම්බන්ධතා නොපවත්වමින් මෙම තරුණයා හුදකලාව ජංගම දුරකතන ක්‍රීඩා වල නිරත වී ඇති බවයි දැක්වෙන්නේ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පස්වන මහලින් බිමට පැන සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක්
ලබාදෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල මහතා රෝහල් පරිපාලනයට දැනුම් දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 17:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්