fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුරු පත්වීම් ලබාදීමේදී කලාප තුළ ඇති පුරප්පාඩු ගැන සැලකිලිමත් විය යුතුයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 17:06

ගුරු පත්වීම් ලබාදීමේදී කලාප තුළ ඇති පුරප්පාඩු ගැන සැලකිලිමත් විය යුතුයි

ගුරු පත්වීම් ලබාදීමේ දී කලාප තුළ ඇති පුරප්පාඩු පිළිබඳ සැලකිලිමත් විය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා හා පළාත් ආණ්ඩුකාරවරුන් අතර පැවති සාකච්ඡාවේදීයි මේ බව අවධාරණය කෙරුනේ.

මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට ස්වෙච්ඡා වැඩපිළිවෙළක් යළි අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

බහුකාර්ය සේවකයින් ස්ථානගත කිරීම පිළිබඳ වැඩි අවදානය යොමුකළ යුතුයි.

පළාත් සභාවල සහාය ඒ සඳහා ලැබිය යුතු වනවා.

පාතාල කල්ලිවල ඝාතන නැවැත්වීමට ද කඩිනම් පියවර ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේ.

ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 17:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්