කැලෑ ගමක පිහිටි වලස්බැද්ද පාසල ජාත්‍යන්තරයට ගෙන ගිය දයානන්ද රත්නායක ගුරු පියාණන්ගේ අවසන් කටයුතු හෙට
Related Articles
වලස්බැද්ද ලොකු ඉස්කෝලේ මහත්තය නමින් ප්‍රසිද්ධ අභාවප්‍රාප්ත දයානන්ද රත්නායක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදුකෙරෙනවා.
රටේ දරු පරපුරට ආදරය කළ රත්නායක මහතා පසුගිය අභාවප්‍රාප්ත වුණා.
වසා දැමීමට නියමිතව තිබූ පාසලක් මෙරට හොදම පාසලක් බවට පත් කිරීම වෙනුවෙන් දයානන්ද රත්නායක මහතාට ජනාධිපති සම්මාන පවා හිමිවුණා.
කැලෑ ගමක පිහිටි වලස්බැද්ද පාසල ජාත්‍යන්තරයට ගෙන යාමේ ගෞරවය ද ඒ මහතාට හිමිවනවා.
දේහය මේ වනවිට බණ්ඩාරවෙල තුඹල්වෙල නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.