හොර පාරෙන් රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02 නෙක් අත්අඩංගුවට
Related Articles
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2023 සැප්තැම්බර් මස 26 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය තිස් හයක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කැබ් රථයක් සහ ලොරි රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති බව සඳහන්.
නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය තිස් හයක පමණ තොගය, සැකකරුවන් දෙදෙනා කැබ් රථය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සදහා මදුරන්කුලිය පොලිසිය වෙත භාරදීමට නියමිතවයි.