fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුහල්පති සේවයේ පුරප්පාඩු පුරවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 14:31

විදුහල්පති සේවයේ පුරප්පාඩු පුරවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, අද නියෝග කර තිබෙනවා.

එලෙස නියෝග කරනු ලැබුවේ බඳවා ගැනිම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, ගොනු කළ තිබූ පෙත්සමේ අතුරු නියෝගය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්.

පෙත්සම්කරුවෝ ඒ අනුව තවත් පෙත්සම් කිහිපයක් ඉල්ලා අස්කරගැනීමට කටයුතු කරනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ගුරුවරුන් බඳවා ගැනීමේ චක්‍රලේඛය අත්හිටුවන ලෙස වාරණ නියෝගයක් නිකුත් කර තිබු අතර එය ද අද ඉවත් කෙරිණ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 14:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්