fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නගෝර්නෝ-කරබාක් ඉන්ධන ගබඩාව පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළට

hasiniek
By hasiniek සැප්තැම්බර් 27, 2023 14:09

නගෝර්නෝ-කරබාක් ඉන්ධන ගබඩාව පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළට

නගෝර්නෝ-කරබාක් ඉන්ධන ගබඩාව පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 105 දෙනෙකු අතුරුදන් වී ඇති අතර 290 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

අසර්බයිජානය මෙම කලාපයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව / තම මෝටර් රථයෙන් කලාපයෙන් පිටවීමට කැමති අයට ඉන්ධන බෙදා හැරීම සඳහා මෙම තෙල් ගබඩාව භාවිත කරනු ලැබුවා.

පිපිරීම සිදුවන විට සිය ගණනක් ජනතාව එහි රැස්ව සිටි බවයි වාර්තා වන්නේ.

ආර්මේනියාවේ වාර්ගික ආමේනියානුවන් 28,120 ක් තම රට තුළට ඇතුළු වී ඇති බව අසර්බයිජානය ප්‍රකාශ කිරීමත් සමඟ මරණ සංඛ්‍යාව පිළිබඳ නිවේදනය නිකුත් වුණා.

අවශ්‍ය සියලුම දෙනාට වාසස්ථාන ලබාදෙන බවද අසර්බයිජාන රජය ප්‍රකාශ කළා.

hasiniek
By hasiniek සැප්තැම්බර් 27, 2023 14:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්