ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දුෂ්කර ප්‍රදේශවල පාසල් 10ක දරුවන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණ මාලාවක්
Related Articles
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දුෂ්කර ප්‍රදේශවල පාසල් 10 ක දරුවන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් හා ඊට සමගාමීව ඔවුන් වෙනුවෙන් පාසල් උපකරණ ඇතුළු පොත් පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් මුලතිව්, වැලිඔය, මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණා.
මෙම පාසල්වලට මෙවැනි සම්මන්ත්‍රණයක් පැවැත්වූයේ ප්‍රථම වතාවටයි.
සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ආචාර්ය පූජ්‍ය කරදටියන ගුණරතන ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරණයෙනුයි මෙම වැඩසටහන් ක්‍රියාත්මක වුණේ.
බෞද්ධ සංගමයේ මුල්‍ය පරිත්‍යාගයෙන් මේ සඳහා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වැය කර තිබුණා.
දුෂ්කර පාසල් දහයක දරු දැරියන් 297 දෙනෙක් වෙනුවෙන් මෙම පාසල් උපකරණ පරිත්‍යාග කෙරුණා.