දකුණු පළාතේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට චීනයෙන් රු.ලක්ෂ 90ක පරිත්‍යාගයක්
Related Articles
දකුණු පළාතේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 90 ක පරිත්‍යාගයක් සිදුකිරීමට චීනය කටයුතු කළා.
දකුණු පළාතේ නිෂ්පාදන චීනය වෙත යැවීම සඳහා වන ගිවිසුමකට ද අත්සන් තැබුණා.
චීන මහජන සමූහාණ්ඩුවේ හයිනෑන් පළාතේ උප ආණ්ඩුකාර ගූ ගන් මහතා ඇතුළු දූත පිරිස මේ දිනවල දකුණු පළාතේ සංචාරයකට එක්ව සිටිනවා.
එහිදී ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා හමු වූ එම පිරිස දකුණු පළාත් ජනතාවගේ ආර්ථික තත්ත්වය පිළිබඳ සොයා බැලුවා.
ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ අනූවක පරිත්‍යාගයක් ලබාදිමටද මෙහිදී එකඟ වී තිබෙනවා.
එමෙන්ම දකුණු පළාතේ නිෂ්පාදන චීනය වෙත යැවීම සඳහා වූ ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබුණා.
දකුණු පළාත් කර්මාන්ත හා වානිජ මණ්ඩලයයි එම ගිවිසුමට එළඹුනේ.