fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශිෂ්‍ය භට බටහිර තූර්ය වාදන ශුරතාවය සඳහා වූ කඳවුර සාර්ථකව නිමාවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 10:34

ශිෂ්‍ය භට බටහිර තූර්ය වාදන ශුරතාවය සඳහා වූ කඳවුර සාර්ථකව නිමාවෙයි

ජාතික ශිෂ්‍ය භට බලකායේ 2023 වසරේ ජාතික මට්ටමෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලද දෙවන කඳවුර වන ශිෂ්‍ය භට බටහිර තූර්ය වාදන ශුරතාවය සඳහා වූ කඳවුර පසුගියදා නිමාවට පත්වුණා.

දිවයින පුරා විසිරී සිටින බටහිර තූර්යවාදන බාලක ශිෂ්‍ය භට ඛණ්ඩ හතළිස් දෙකක් හා බාලිකා  ශිෂ්‍ය භට තූර්ය වාදක ඛණ්ඩ දහයක් ජාතික ශූරතාවන් සඳහා වූ මෙම කඳවුරට සහභාගි වුණා.

පුරා දින අටක් පුරා පැවති මෙම ජාතික මට්ටමේ ශූරතා කදවුර අවසානයේදී විසිරයාමේ පෙළපාලියක් පැවැත් වුණා.

ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණා.

2023 වසර සදහා බාලක බටහිර තූර්යවාදන ශූරතාවය, කොළඹ රාජකීය විදුහල විසින් දිනා ගත් අතර අනුශූරතාවය දිනාගත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයි.

බාලිකා ශූරතාවය දිනා ගත්තේ මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහල වන අතර එහි අනුශූරතාවය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල දිනාගත්තා.

පෙරදිග තූර්යවාදන ශිෂ්‍ය භට ඛණ්ඩ සඳහා වූ ජාතික ශූරතා කඳවුර අනිද්දා රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධයස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 10:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්