fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 10:04

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

කොල්ලුපිටිය සහ කොටුව දුම්රිය ස්ථාන අතර මෙම පීලි පැනීම සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කෙරෙන අතර එහිදී කොළඹ දෙසට ධාවනය වන දුම්රිය වෙත ප්‍රමුඛතාව ලබාදී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ.

දුම්රිය පීලිපැනීම යථාතත්ත්වයට පත් කරමින් දුම්රිය ධාවනය සඳහා මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්