fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 64 වන ගුණසමරු උත්සවය

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 16:45

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 64 වන ගුණසමරු උත්සවය

ආසියාවේ රිදී සීනුව දැයට අහිමිවී අදට වසර 64ක්.

දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 64 වන ගුණසමරු උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී පැවැත්වුණා.

කෘතහස්ත දේශපාලනඥයෙකු / දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ විද්වතෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වුණේ අද වැනි දිනකයි.

ඒ 1959 වසරේ සැප්තැම්බර් මස 26 වනදායි.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා 1925 වසරේ මව්බිමට පැමිණෙන බණ්ඩාරනායක මහතා 1928 වසරේ දී කොළඹ මහනගර සභාවට තේරී පත්වනවා.

පසුව ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට වේයන්ගොඩ අසුනෙන් නිතරගයෙන් තේරී පත්වුණා.

1947 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂයෙන් අත්තනගල්ල අසුන ජයගත් බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතාගේ රජයේ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරයට පත්වුණා.

1951 ජූලි විසිපස් වනදා අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා ගන්නේ දේශීය චින්තනය පෙරටු කර ගනිමින්.

ඒ මහතා 1952 මහ මැතිවරණයෙන් පසු විපක්‍ෂ නායක ධුරයට පත්වුණා.

සඟ / වෙද / ගුරු / ගොවි / කම්කරු යන පංච මහා බලවේග පෙරටු කරගනිමින් විප්ලවයක් සිදුකළ බණ්ඩාරනායක මහතා 1956 අප්‍රේල් දොළොස් වනදා ශ්‍රී ලංකාවේ හතර වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

බණ්ඩාරනායක ගුණසමරු උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසළදී පැවැත්වුණා.

ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු බණ්ඩාරනායක සමාධිය වෙත පුෂ්පෝපහාර දැක්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් එක්වුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන / හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 16:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්