fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දයාසිරිට එරෙහි වාරණ නියෝගය අත්හිටුවීමට නියෝගයක්

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 15:22

දයාසිරිට එරෙහි වාරණ නියෝගය අත්හිටුවීමට නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවූ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළා.

දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසු ලබන 5 වනදා දක්වායි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

මෙවැනි ලිපියක් නිකුත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලය ඇති බවයි විත්තිකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පැවසුවේ.

පැමිණිකරු සත්‍ය වසන් කරමින් වාරණ නියෝගය ලබාගෙන ඇති බැවින් එය අත්හිටුවන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

එම කරුණු සලකා බැලූ දිසා අධිකරණය අදාළ වාරණ නියෝගය අත්හිටවූවා.

නඩුව නොවැම්බර් 5 වනදා යළි කැදවීමට ද නියම කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ඉකුත් 18 වනදා අදාළ ලිපිය නිකුත් කර ඇති බවයි දයාසිරි ජයසේකර මහතා පවසන්නේ.

එවැනි ලිපියක් යොමු කිරීමට පක්ෂයේ සභාපතිවරයාට පක්ෂ ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බව ද ඔහු පවසනවා.

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්