fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ඉන්ධන පිරවුම්හල් 50ක්

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 14:06

නව ඉන්ධන පිරවුම්හල් 50ක්

සිනොපෙක් සමාගම මෙරට බලශක්ති ක්ෂෙත්‍රයේ ආයෝජනයන් සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරමින් ඊයේ දිනයේ උත්සවයක් සංවිධානය කර තිබුණා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම සමග ගිවිසුම් ගතව තිබූ ඉන්ධන පිරවුම්හල් 150ක් සමග ගිවිසුම් ගත වෙමින් සිනොපෙක් සමාගම මෙරට සිල්ලර වෙලදාම් කටයුතු ආරම්භ කරන අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ඉදිරියේදී ස්ථාපිත කරනු ඇති

මහජනතාවට ඉන්ධන ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම, ඉන්ධන වල ගුණාත්මක භාවය වර්ධනය කිරීම සහ සාධාරණ මිලකට ඉන්ධන අලෙවි කර ගෙන යාම සඳහා සිනොපෙක් සමාගම සමග ඇතිකරගත් මෙම බලශක්ති සබඳතාව මහෝපකාරී වනු ඇති බවයි විදුලි බල අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙරට චීන තානාපතිතුමා සමග සිනොපෙක් ඉන්ධන සමාගමේ විධායක අධ්‍යක්ෂතුමා, රාජ්‍ය නිලධාරීන්, චීන තානාපති කාර්‍යාලයේ නිලධාරීන්, බලශක්ති ක්ෂේත්‍රයේ පර්ශවකරුන්, සිනොපෙක් සමාගමේ නිළධාරීන් සහ සිනොපෙක් සමාගම සමග ගිවිසුම් ගතව සිටින ඉන්ධන පිරවුම්හල්වල පාර්ශවකරුවන් මෙම උත්සවයට සහභාගී වී තිබෙනවා.

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 14:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්