fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් මස 03 වනදා සිට 05 වනදා දක්වා BMICH හි දී

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 13:58

‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් මස 03 වනදා සිට 05 වනදා දක්වා BMICH හි දී

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් මස 03 වනදා සිට 05 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙනවා

‘ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීම’ වන තේමාව යටතේ පැවැත්වෙන ප්‍රදර්ශනය තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරනු ලබනවා..

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්වුණා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය දියුණු කිරීමට මෙම ප්‍රදර්ශනය බෙහෙවින් ඉවහල් වන බවයි.

එසේම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය සමඟ සම්බන්ධවීම, ජාල සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් පද්ධති සහ විසඳුම් සුරක්ෂිත කිරීම, මුදල් රහිත ගනුදෙනු දිරිගැන්වීම, ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් වැඩිදියුණු කිරීමට මෙම ප්‍රදර්ශනයෙන් මහඟු අවස්ථාවක් සැලසෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා

සංවර්ධිත රටවල් සිය මහජන සේවාවන් ඩිජිටල්කරණයට ලක් කර ඇති බවත්, එමගින් කාර්යක්ෂමතාවය ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා 2030 වසර වන විට ඩිජිටල්කරණය වූ ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමේ අරමුණ වෙනුවෙන් ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයට ස්තුතිවන්ත වන බවත් කියා සිටියා.

මෙහිදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉන්දික ද සොයිසා මහතා අදහස් දක්වමින් සඳහන් කළේ 2030 වසර වන විට ඩිජිටල් ආර්ථිකය තුළින් ඇමරිකානු ඩොලර් බිලියන 15ක මුදලක් රාජ්‍ය ආදායමට ලබාදීමට අපේක්ෂා කරන බවයි.

ඩිජිටල් නවෝත්පාදන පරිසර පද්ධතියක් ඇති කිරීම මෙන්ම ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ මෙරට ඩිජිටල් තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනය කිරීමට මෙම ප්‍රදර්ශනය තුළින් හැකියාව ලැබෙනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා

මෙම ප්‍රදර්ශනය වෙනුවෙන් අනුග්‍රහය ලබාදෙන අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 13:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්