දකුණු පළාතේ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් දකුණු පළාත් ප්රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා මේ බව දැනුම්දී ඇත.
ඒ අනුව වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ නව පද්ධතිය හඳුන්වා දීමේ කටයුතු සඳහා හෙට (27) සහ ඔක්තෝබර් මස 2 වන දින දකුණු පළාත් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මඟින් හා දකුණු පළාතේ සියලූම ප්රාදේශීය ලේකම් කාර්යාල මඟින් ආදායම් බලපත්ර නිකුත් කිරීමේ කටයුතු සිදුනොකරන බව දැනුම්දී ඇත.