අවිස්සාවේල්ලේ වෙඩිතැබීමේ සිද්ධියට 4 දෙනෙකු අත්අඩංගුවට
Related Articles
පසුගියදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදුවූ ඝාතනවල වෙඩික්කරුට පළායාමට සහාය දුන් බව කියන 4 දෙනෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර මාධ්‍යවේදියෙකු ද සිටින බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
සංවිධානාත්මක අපරාධකල්ලි නායක රමේෂ් ප්‍රියජනක නොහොත්, මන්නා රමේෂ් යන අයගේ මෙහෙයවීම මත අවිස්සාවේල්ල ප්‍රදේශයේ ද්වී පුද්ගල ඝාතනය සිදුව ඇති බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ. ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් ඔහු මෙම ඝාතනය සිදුකර ඇති බවද එම බලකාය පවසනවා.
මෙහි ඝාතන සැකකරුට පළා යාමට ආධාර අනුබල දුන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකතන 07 ක් ඇතුළු උපකරණ කිහිපයක් ද සමගයි.
මෙම සැකකරුවන් අතර සිටින මාධ්‍යවේදියා මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගේ ජංගම දුරකතන පරික්ෂාවේදී අත්අඩංගුවට ගත් දින පමණක් මන්නා රමේෂ් යන අයට දුරකතන ඇමතුම් 18ක් ගෙන තිබූ බවත්, බැංකු ගිණුම්වලට ද කිහිපවරක් මුදල් බැර කර තිබූ බවත් විශේෂ කාර්ය බලකාය පවසනවා.