fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝතමාලාවේ සිදුවූ නායයාම් වලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2023 09:38

ගෝතමාලාවේ සිදුවූ නායයාම් වලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

ගෝතමාලාවේ සිදුවූ නායයාම් වලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නායයාම් හේතුවෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් බවයි වාර්තාවන්නේ.

පසුගිය දින කීපය පුරා ගෝතමාලාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. ගංගාවක් ආසන්නයේ පිහිටා තිබූ නිවාස 6ක් පමණ මෙලෙස නායයාමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් පුද්ගලයින් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට ජාතික ආපදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. මියගිය පිරිස අතරට අවුරුදු 5ක් වයසැති කුඩා ගැහැණු දරුවෙකු අයත් අතර අතුරුදන් 12 දෙනාගෙන් 8 දෙනෙකු කුඩා දරුවන් බවද සදහන්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2023 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්