එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහාවූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මේ වන විට නිවේදනය කර ඇති අතර ඒ සදහා ඊයේ දිනයේදී අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමිවුණා.
ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකටයි හිමව තිබෙන්නේ. උපනායකත්වයට කුසල් මෙන්ඩිස් පත්කර ඇති අතර චරිත අසලංක, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම, පැතුම් නිශ්ශංක, යන පිතිකරුවන් ද ඊට ඇතුළත්.
දුනිත් වෙල්ලාලගේ, ළහිරු කුමාර, කසුන් රාජිත, මතීෂ පතිරණ, පන්දු යවන්නන් ලෙස මීට ඇතුළත් කර ඇති අතර ආබාධයට ලක්ව සිටින වනිදු හසරංග ද මේ සදහා නම් කර තිබෙනවා.
එමෙන්ම චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත නම් කර තිබෙන්නේ අතිරේක ක්‍රීඩකයන් ලෙසයි.