චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ වාර්ෂිකව පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනය මෙවර ද දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා
මෙම කෘෂිකාර්මික ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස හයිනෑන් පළාතේ උප ආණ්ඩුකාර Mr. Gu Gang මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද දින (25) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් ආරාධනා කළ බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.
හයිනෑන් පළාතේ උප ආණ්ඩුකාර Mr. Gu Gang මහතා ඇතුළු පිරිසක් අද දින පෙරවරුවේ කෘෂිකාර්මික අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු නිලධාරින් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සාකච්ඡා කර තිබෙනවා.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වී වගාව සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළ අතර හයිනෑන් ප්‍රාන්තය ද වී වගාව ප්රමුඛ කර ගත් ප්‍රාන්තයක්
එම පළාතේ හෙක්ටයාර් එකකට වී අස්වැන්න කිලෝග්‍රෑම් 7500ක්.
මේ නිසා දැනට මෙට්‍රික් ටොන් 4.5- 5.0 දක්වා වන අප රටේ වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා හයිනෑන් ප්‍රාන්තයේ තාක්ෂණික සහයෝගය ලබා දීම සම්බන්ධව ද මෙහිදී අදහස් පළ වී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ පලතුරු සම්බන්ධව කරුණු දැක්වු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිට අපනයනය ප්‍රමිතියෙන් යුත් ඇඹුල් කෙසෙල්, කටු අනෝදා, පැෂන් පෘට්, පැපොල්, හා අන්නාසි ද මෙරට වගා කරන බව සඳහන් කළා
ඒ අනුව ලබන දෙසැම්බර් මාසයේ දී හයිනෑන් පළාතේ පැවැත්වෙන වාර්ෂික කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ පලතුරු හා එළවළු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට සූදානම් බවත්, ඒ සඳහා ආරාධනය කරන බවත් උප ආණ්ඩුකාරවරයා පැවසීය.
ඊට අදාල ආරාධනා පත්‍රය ද හෙතෙම අමාත්‍යවරයාට බාර දී තිබෙනවා.