ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගේ ඇපකරුවන් වෙත නියෝග කෙරුණා.
මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතායි මෙම නියෝගය නිකුත් කළේ.
පසුගිය වසරේ මැයි මස 9 වනදා පැවති අරගලය අවස්ථාවේ මෙම නිවසට ගිනිතබා තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති දෙදෙනෙකුයි අධිකරණය හමුවේ අද පෙනී නොසිටියේ.
ඔවුන් වෙනුවෙන් ඇප තැබු ඇපකරුවන්ගේ ඇප රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙසද මහේස්ත්රාත්වරයා නියෝග කළා.
මෙම නඩුවට අදාළ සැකකරුවන් 15 දෙනාගෙන් 13දෙනෙකු අධිකරණය හමුවේ අද පෙනී සිටියා.