fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියයයි

hasiniek
By hasiniek සැප්තැම්බර් 25, 2023 13:38

අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියයයි

මුලතිව් පුදුකුඩිඉරිප්පු මන්නංකණ්ඩාල් ප්‍රදේශයේ දී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක අනවසර විදුලි රැහැන් ඇද තිබී ඇති අතර වන අලියා එම ඉඩමට ඇතුළුවීමට උත්සාහ දැරීමේ දී විදුලිසැර වැදී මියගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් උතුරු පළාත් වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට දැනුම්දීමෙන් අනතුරුව එම නිලධාරීන් පැමිණි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළා.

අනවසර විදුලි රැහැන් ඇද තිබූ ඉඩමේ හිමිකරු පිළිබඳ ඔඩ්ඩුසුඩාන් පොලීසියට දැනුම්දීමට වනජීවී නිලධාරීන් පියවර ගත්තා.

 

 

hasiniek
By hasiniek සැප්තැම්බර් 25, 2023 13:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්