fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව පුරා සංවර්ධන සහ මානුෂීය ඉලක්ක ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාවෙන් තීරණාත්මක දායකත්වයක්…

hasiniek
By hasiniek සැප්තැම්බර් 25, 2023 13:32

ලොව පුරා සංවර්ධන සහ මානුෂීය ඉලක්ක ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාවෙන් තීරණාත්මක දායකත්වයක්…

ඉන්දියාව ආර්ථික බලවතෙකු ලෙස ඉදිරියට යන අතරම ලොව පුරා සංවර්ධන සහ මානුෂීය ඉලක්ක ප්‍රවර්ධනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඉන්දීය ශ්‍රී ලංකා සංගමය විසින් 2023.09.23 දින කොළඹදී සංවිධානය කරන ලද 77 වැනි නිදහස් සංවත්සර උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආසියාවේ ශතවර්ශය වන මෙම යුගය තුළ ඉන්දියාව ආර්ථික සංවර්ධනයට සමවී ඇති බවයි.

නිදහස් දිනය ඉතිහාසය සමඟ නැවත සම්බන්ධ වීමට අවස්ථාවක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේ අගෝස්තු 15 වැනි දින ප්‍රකාශ කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එය අපගේ වර්තමානය තක්සේරු කිරීමට සහ ඉදිරි ගමන ගැන සැලසුම් කිරීමට අවස්ථාවක් බවයි සඳහන් කළේ.

වර්තමානය දෙස බලන විට පෙනී යන්නේ ඉන්දියාව ලෝක තලයේ නිසි තැන නැවත ලබාගෙන ඇතිවා පමණක් නොව ජාත්‍යන්තර වැඩපිළිවෙළ තුළ සිය ස්ථාවරයද ඉහළ නංවාගෙන ඇති බවයි. ලොව පුරා සංවර්ධන සහ මානුෂීය ඉලක්ක ප්‍රවර්ධනය කිරීමේදී ඉන්දියාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා

ගෞරවනීය ආරාධිත අමුත්තා වූ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර ගැඹුරට මුල් බැසගත්, සියවස් ගණනාවක් පැරණි බැඳීම්වල විවිධාංග පිළිබඳව අවධාරණය කළා.

ඉන්දීය ශ්‍රී ලංකා සංගමය වැනි සංවිධාන විසින් දෙරටෙහි ජනතාව අතර ඇති බැඳීම් ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති මුලපිරීම් ද ඔහුගේ ඇගයීමට ලක් වුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකම පෞරාණික සංස්කෘතියක දරුවන් වන අතර දෙරටටම පොදු සංස්කෘතික සබඳතාවක් පවතින බැවින් ශ්‍රී ලංකාවට ඉන්දියාවේ උපකාර අවශ්‍ය සෑම අවස්ථාවකදීම ඉන්දියාව සැමවිටම උපකාර කරන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළා

SLIS හි සභාපති කිෂෝර් රෙඩ්ඩි මහතා අවධාරණය කළේ මිනිසුන් අතර සබඳතා සහ සංස්කෘතික සබඳතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවයේ ප්‍රධාන කුළුණු වලින් එකක් බවයි.

මෙම ඉදිරි ගමන, සිතුවිලි සහ අදහස් එක් වීමකට තුඩු දෙන අතර දැනුම බෙදාහදා ගැනීම, විවිධත්වය සහ පොදු සමෘද්ධිය පෝෂණය කරන බව ඔහු පෙන්වා දුන්නා

hasiniek
By hasiniek සැප්තැම්බර් 25, 2023 13:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්