fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝනුන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නිතර වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2023 10:53

ගෝනුන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නිතර වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

රන්දෙණිගල රක්ෂිතයේ ගෝනුන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නිතර වූ පුද්ගලයින් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාවාරම සම්බන්ධයෙන් කීර්ති බණ්ඩාරපුර වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව රක්ෂිතයේ ස්ථාන කිහිපයක අධිතාක්ෂණික කැමරා සවිකරමින් මේ පිළිබද පරික්ෂණ සිදු කෙරුණා.

රක්ෂිතයෙන් වෙඩි හඬ කිහිපයක් ඇසීමත් සමඟ කිසියම් පිරිසක් සතුන් දඩයම් කරන බවට තහවුරු කර ගැනීමත් සමග මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන පරික්ෂා කිරීමටයි කටයුතු කෙරුණේ. එහි දී අණ නොතකා පළාගිය ත්‍රී රෝද රථ දෙකක් පසුපස හඹා ගොස් ඒවා සිය භාරයට ගෙන පරික්ෂා කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා.

ඝාතනය කළ ගෝනුන් 4 දෙනෙකුගේ සහ මීමින්නෙකුගේ මස් එහි තිබී සොයා ගැනුණා. සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් ඇති අතර තවත් දෙදෙනෙකු සහ ත්‍රී රෝද රථ වනජීවී භාරයට ගැනුණා.

බෝර 12 වර්ගයේ ගිනි අවි 3ක්, අධිබල විදුලි පහනක් ඇතුළු ආයුධ රැසක් ද සොයා ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2023 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්