fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

hasiniek
By hasiniek සැප්තැම්බර් 25, 2023 10:12

බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

බස්නාහිර පළාතේ පළාත් සභා පාසැල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

2023 (අදියර II) සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබන බවයි පැවසෙන්නේ.

2023.09.22 දිනැති රජයේ ගැසට් පත්‍රයේ IV (අ) වැනි කොටසෙහි බඳවා ගැනීමේ නිවේදනය පළ කර ඇති අතර අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය ඔක්තෝබර් 09 වන දිනයි සඳහන් වන්නේ.

hasiniek
By hasiniek සැප්තැම්බර් 25, 2023 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්