fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගල්කිස්ස වෙරළේ දී පොලිස් නිලධාරීන්ට පහර දුන් තරුණයන් පිරිසක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2023 08:24

ගල්කිස්ස වෙරළේ දී පොලිස් නිලධාරීන්ට පහර දුන් තරුණයන් පිරිසක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ට පහර දුන් බව කියන තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ තරුණයන් ගල්කිස්ස වෙරළ තීරයේ අනතුරු සහිත ස්ථානයක දිය නාමින් සිටියදි, පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන්ට අවවාද සිදු කර ඇති අතර එම අවස්ථාවේ දීයි මෙම ගැටුම හටගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 16ත් 30ත් අතරේ පසුවන රත්මලාන, පිළියන්දල සහ අහුන්ගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් 06 දෙනෙක්.

සිද්ධියෙන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2023 08:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්