fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති හෙට ජර්මනියට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2023 05:45

ජනපති හෙට ජර්මනියට

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සාකච්ඡාවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26) ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

බර්ලින් ග්ලෝබල් සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමකි.

ජනාධිපතිවරයා ‘බර්ලින් ග්ලෝබල්’ සාකච්ඡාවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ ආරම්භයේ අදහස් දැක්වීමට නියමිතය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ අනෙකුත් දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන සෙනසුරාදා (30) නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2023 05:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්