fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොසෝවෝහි වාර්ගික සර්බියානු තුවක්කුකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2023 09:34

උතුරු කොසෝවෝහි වාර්ගික සර්බියානු තුවක්කුකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම්

උතුරු කොසෝවෝහි වාර්ගික සර්බියානු තුවක්කුකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුමක් හටගෙන තිබෙනවා.

ඊයේ දිනයේදී බන්ජ්ස්කා ගම්මානයේ සර්බියානු ඕතඩොක්ස් ආරාමයක් වැටලීමකදී එක් පොලිස් නිලධාරියෙකු සහ තුවක්කුකරුවන් තිදෙනෙකු මිය ගියා. කොසෝවෝ අගමැති ඇල්බින් කුර්ටි සර්බියාව,  සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දෙන බවට චෝදනා කර තිබෙනවා.

සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූසික් පැවසුවේ කොසෝවෝ නිලධාරීන් මෙම මරණවල අවසාන වගකීම දරන බවයි. මියගිය තුවක්කුකරුවන් තිදෙනා කොසෝවෝ සර්බියානුවන් බව ද සදහන්.

ඉරිදා ඇතිවූ ගැටුම වසර ගණනාවක් තිස්සේ කොසෝවෝහි බරපතල උත්සන්නවීම් වලින් එකක් සනිටුහන් කරන අතර දෙපාර්ශවය අතර මාස ගනනාවක් තිස්සේ වැඩෙන සීතල යුද්දය පුපුරා ගිය අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. කොසෝවෝ රාජ්‍යය 2008 දී සර්බියාවෙන් නිදහස ලැබූ බව ප්‍රකාශ කළ ද සර්බියාව හා බෙල්ග්‍රේඩ්ට හිතවාදී චීනය රුසියාව එය නිල වශයෙන්  පිළි ගෙන නැහැ.

බොහෝ සර්බියානුවන් කොසෝවෝ ඔවුන්ගේ ජාතියේ උපන් ස්ථානය ලෙස සලකයි. නමුත් කොසෝවෝ හි වෙසෙන මිලියන 1.8 ක ජනතාවගෙන් 92% ක් ජනවාර්ගික ඇල්බේනියානුවන් වන අතර වාර්ගික සර්බියානුවන් ඉන්නේ 6% ක් පමණයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2023 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්