fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් – ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනෙක් මරුට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 16:42

බස් – ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනෙක් මරුට

ගලේවෙල,  බෙලිගමුව ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රි රෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රි රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගියා.

තවත් තුන් දෙනෙකු බරපතල තුවාල ලබා සිටිනවා.

යාපනයේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් සහ දඹුල්ල දෙසට ධාවනය වූ ත්‍රි රෝද රථයකුයි එකිනෙකට ගැටී තිබෙන්නේ. මියගිය දෙදෙනාගේ සිරුරු ගලේවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාල ලැබු කාන්තාවක්,  තවත් පිරිමි අයෙකු සහ වයස අවුරුදු 6ක පිරිමි දරුවෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණා.

පිරිමි පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බැවින් මහනුවර ජාතික රෝහලට මාරු කෙරුණු බවටයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.

තුවාල ලබා සිටින කිහිප දෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නොහැකිවීමෙන් මොවුන් කුමන කාරණයක් සදහා ගියේද යන්න තොරතුරු හෙළිකර ගැනීමට නොහැකිවී තිබෙනවා. ත්‍

රි රෝද රථ රියදුරු අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කර ඇති අතර ඔහුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගලේවෙල පොලීසිය කටයුතු කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 16:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්