රුසියාවේ කළු මුහුදේ පිහිටි බලඇණි මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක්
Related Articles
රුසියාවේ කළු මුහුදේ පිහිටි බලඇණි මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
රුසියා බලඇණි මූලස්ථානයට එල්ල වූ මෙ මිසයිල ප්‍රහාරයෙන් අවම වශයෙන් 09 දෙනෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියා බුද්ධි අංශ ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර යුක්රේනය පවසන්නේ රුසියාව ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යාත්‍රා 15 ක් යොදාගනිමින් ගිනිකොන ඉදිරි කලාපයට මෙන්ම උතුරු ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළ බවයි. ෂාහෙඩ් නමින් හදුන්වන එම ඩ්‍රෝන යාත්‍රා 15 න් 14 ක් විනාශ කර දැමූ බව ද යුක්රේනය වැඩිදුරටත් පවසනවා.