fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිපා වයිරසයට මුහුණදීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 12:33

නිපා වයිරසයට මුහුණදීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානම්

නිපා වයිරසය යම් හෙයකින් මෙරටට ඇතුළු වුවහොත් ඒ සඳහා මුහුණදීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද සූදානමින් සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මෙම වයිරසය සම්බන්ධයෙන් මේ වන විට ගත යුතු පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ද ඊයේ තහවුරු කළේ.

නිපා වයිරසය ආසාදනය වන්නේ ඌරන් වවුලන් වැනි සත්ත්වයන් මගින් බවටයි මේ වන විට හඳුනාගෙන තිබෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම සතුන් ආහාරයට ගෙන ඇති පලතුරු මෙන්ම එම සතුන්ගේ මල අපද්‍රව්‍ය මගින් ද වයිරසය ආසාදනය විය හැකියි.

වයිරසය ආසාදනය වූ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුටද මෙය වැලකෙන බවට හඳුනාගෙන තිබෙනවා.

නිපා වයිරසය පාලනය සඳහා මේ වන තෙක් එන්නතක් හඳුනාගෙන නොමැති අතර පවතින රෝග ලක්ෂණවලට අනුව ඖෂධ ලබාදීම සිදු කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

නිපා වයිරසය හඳුනාගැනීම සඳහා අවශ්‍ය සියලු උපකරණ කට්ටල ඇණවුම් කර ඇති අතර අදාළ පියවර ද ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මේ සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද සූදානමින් සිටින බව එම පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්