fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2023 ගෝලීය සමුද්‍ර සමුළුව ලබන මස 17 වනදා ඉන්දියාවේදී ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 11:48

2023 ගෝලීය සමුද්‍ර සමුළුව ලබන මස 17 වනදා ඉන්දියාවේදී ඇරඹෙයි

2023 ගෝලීය සමුද්‍ර සමුළුව ලබන මස 17 වනදා සිට 19 වනදා දක්වා ඉන්දියාවේ මුම්බායි හිදී පැවැත්වෙනවා.

ඊට ශ්‍රී ලංකාව ද සහභාගි වන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ.

2023 ගෝලීය සමුද්‍ර සමුළුව පිළිබඳ නාවුක හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ නියැලී සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව හා අනෙකුත් පාර්ශ්ව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණයක් කොළඹ දී සංවිධාන කර තිබුණා.

ඒ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින්.

ඊට එක්ව සිටි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ නාවුක හා සමුද්‍රීය ක්ෂේත්‍ර යේදී ශ්‍රී ලංකාවට බලපාන ගැටලු නිරාකරණය කර ගැනීමට මෙම සමුළුව හොදම අවස්ථාවක් බවයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 11:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්