fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති යළි දිවයිනට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 10:46

ජනපති යළි දිවයිනට

කියුබාවේ හා ඇමෙරිකාවේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස කටුනායක ගුවන්තොටුපල වෙත අද පෙරවරු 08.30 ට පමණ පැමිණියා.

පසුගිය 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර පැවති ජී 77 රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා එක් වුණා.

ඉන් අනතුරුවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවට එක් වූයේ.

එම සැසිවාරයට එක්වීමෙන් අනතුරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ද හමු වුණා.

එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉතා මිත්‍රශීලීව පිළිගත් ඇමෙරිකා ජනාධිපතිවරයා සුහද කතා බහක  ද නිරත වුණා.

මේ අතර ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙන්ම තවත් ඉහළ පෙලේ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු  සමඟ ද සාකච්ඡා පැවැත්වීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කියුබා හා ඇමෙරිකා සංචාර දෙක අතර තුර කටයුතු කළේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 10:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්