මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවෙකු මන්නාරමේදී අත්අඩංගුවට
Related Articles
මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවෙකු මන්නාරමේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා.
හමුදා බුද්ධිඅංශවට ලැබුණ තොරතුරකට අනුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය තාරාපුරම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි මත්පෙති සමඟ මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගනු ලැබුවා.
තාවුල්පාඩු ප්‍රදේශයේ පාලු ඉඩමක සුරක්ෂිත ලෙස වලදමා තිබූ මත්පෙති දෙලක්ෂ හත්දහසක් සොයා ගැනීමට පොලීසිය සමත්වුණා.
සැකකරුට මෙම මත්පෙති ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් ද තොරතුරු සොයා විශේෂ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.