fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රාහකයක පස් සාම්පල රැගත් නාසා යානය අද පෘථිවියට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 05:32

ග්‍රාහකයක පස් සාම්පල රැගත් නාසා යානය අද පෘථිවියට

විශ්වයේ ඈත පාවෙන ‘බෙන්නු’ නමැති ග්‍රහකයට ගොස්, එම ග්‍රහකය සූරා එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, අද දිනයේ එම පස් සාම්පල පෘථිවියට ලැබීමට සැලස්වනු ඇති.

‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකය බලා ගියේ  2016 වසරේදීය. යානය, ග්‍රහකයට ළං වූයේ වසර දෙකකිනි. ඉන්පසු තවත් වසර දෙකක් දුර සිට ග්‍රහකය සිතියම්ගත කළා.

එම සිතියම්ගත කිරීම අවසානයේ, 2020 දී යානය ‘බෙන්නු’ ග්‍රහකයට ළං වූ අතර, එය ග්‍රහකයට සමාන වේගයකින් එය අසලින් ගමන් කිරීම ඇරැඹුවා.

යානයේ රොබෝ අතක් ඇති අතර, එම රොබෝ අත යොදා ගනිමින් ග්‍රහකයේ මතුපිට සූරා පස් ලබා ගැනීම කළේ ඉන්පසුවයි.

ලබා ගත් එම පස් සාම්පල යානයේ කුඩා කැප්සියුලක තැම්පත් කෙරුණා.

එම වික්‍රමය සිදු වූයේ 2020 ඔක්තෝබර් 20 වැනිදායි.

අධික වේගයෙන් විශ්වයේ ගමන් කරන ග්‍රහකයකට ළං වී, එම ග්‍රහකයට ගොඩබෑමක් සිදු නොකර, පස් සාම්පල ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.

පස් සාම්පල ලබා ගැනීමේ මෙහෙයුම සම්පූර්ණ කිරීමෙන් පසු රොබෝ යානය යළි පෘථිවිය බලා ගමන් ඇරැඹුවා.

අද දිනයේ රොබෝ යානය පෘථිවි කක්ෂයට ළං වී, පස් සාම්පල සහිත කුඩා කැප්සියුලය පෘථිවි කකක්ෂයට තල්ලු කරනු ලබනවා.

වෙඩි උණ්ඩයකටත් වඩා 15 ගුණයක වේගයකින්, එම කැප්සියුලය පෘථිවි වායු ගෝලය හරහා වේගයෙන් පහළට ඇදී එනු ඇති බව ද පැවසෙනවා.

වායු ගෝලයට ඇතුළු වෙද්දී කැප්සියුලය ගිනි ගැනීමකට ලක් වනවා.

කැප්සියුලය ආරක්ෂා වන්නේ එහි ඇති තාප ආරක්ෂක පද්ධතිය නිසායි.

කැප්සියුලයේ අධික වේගය අඩාල වනු ඇත්තේ, එහි ඇති පැරෂූට් දිග හැරීමෙනි.

මේ සියල්ල සියුවන්නේ පෙර සැලැසුම් කළ අන්දමටය.

පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය සෙමින් සෙමින් ඇමෙරිකාවේ යූටා කාන්තාරයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමට නියමිත කෙරෙනු ඇති.

නාසා විද්‍යාඥයන් සහ ඇමෙරිකන් හමුදා නිලධාරීන් කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටිනු ඇති බව ද පැවසෙනවා.

කැප්සියුලයේ ඇත්තේ ‘බෙන්නු’ ග්‍රහකයෙන් සූරා ගත් පස් ග්‍රෑම් 250 කි.

පස් සහිත කැප්සියුලය පෘථිවි කක්ෂයට විසි කිරීමෙන් පසු, ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය යළි විශ්වයේ ඈතට ගමන් කරනු ඇතැයි නාසා ආයතනය පැහැදිලි කර තිබෙනවා.

ඒ නව ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කරමිණි.

2029 දී ‘ඔසයිරස් රෙක්ස්’ ‘ඇපොසිස්’ නමැති ග්‍රහකයට ළං වී එය ගවේෂණය කිරීමට නියමිතයි.

මීටර් 500 ක් පළල යෝධ ‘බෙන්නු’ ග්‍රහකය සොයා ගනු ලැබුවේ  1999 සැපැත්ම්බර් 11 වැනිදායි.

ග්‍රහකය ‘බෙන්නු’ යනුවෙන් නම් කර ඇත්තේ, මිසර දේව පුරාණයට අනුවය.

හිරු වටා සැරිසරන දස දහස් ගණනක් ග්‍රහක අතරින්, නාසා විද්‍යාඥයන් බෙන්නු ගැන උනන්දුවක් දැක්වූයේ එය විශ්වය ආරම්භයේ දී සිදුවුණු හැල හැප්පීම්වලින් කැඩී වෙන්වී ගිය කැබැල්ලක් වීම නිසායි.

එපමණක් නොව, 2060 සැප්තැම්බරයේත්, 2175 වසරේදීත් ‘බෙන්නු’ ග්‍රහකය පෘථිවිය අසලින් යනු ඇති.

2060 සැප්තැම්බර් 23 වැනිදා ‘බෙන්නු’ පෘථිවිය අසලින් යන්නේ පෘථිවියේ සිට සැතපුම් 4,60,000 ක දුරකිනි.

2175 වසරේදී ‘බෙන්නු’ ග්‍රහකයේ ගමන් මඟ වැටී ඇත්තේ පෘථිවිය හරහායි.

ඒ අනුව, ග්‍රහකය පෘථිවියේ හැපීමට නියමිතයි.

පස් සාම්පල පරීක්ෂා කරමින්, ‘බෙන්නු’ ග්‍රහකයේ ස්වභාවය අවබෝධ කර ගනිමින්, එය පෘථිවියේ ගැටීම වළක්වා ගැනීමට සැලැස්මක් සකස් කිරීම නාසා ආයතනයේ අරමුණ වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 05:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්