fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය ගාස්තු බස් ගාස්තුව හා සමානව වැඩි කිරීමට යෝජනාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 05:16

දුම්රිය ගාස්තු බස් ගාස්තුව හා සමානව වැඩි කිරීමට යෝජනාවක්

සියලුම දුම්රිය ගාස්තු වැඩිවීමක් සහ සියලුම වාර ප්‍රවේශපත්‍ර අත්හිටුවීමක් සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම හේතුවෙන්.

දැනට රුපියල් විස්සක්ව පවතින අවම ගාස්තුවේ සිට සියලුම දුම්රිය ගාස්තු බස් ගාස්තුව හා සමානව හෝ ආසන්න ප්‍රතිශතයකින් වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා.

එලෙස යෝජනා වී ඇත්තේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී දුම්රිය ප්‍රධානීන්, දුම්රිය වෘත්තිය සමිති හා පැවැති සාකච්ඡාවකදීයි.

මේ අතර වාර ප්‍රවේශපත්‍ර සහනයද අත්හිටුවීමෙන් විශාල ආදායමක් දුම්රිය අධිකාරියට ලබා ගැනීමට හැකි බවත් ඒ ආදායම මගින් දුම්රිය සේවකයින්ගේ වැටුප් ගෙවීමට කටයුතු කිරීමටත් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

19000 ක පමණ දුම්රිය සේවකයන් පිරිසකට වැටුප් හා දීමනා ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන ආදායම ප්‍රමාණවත් නොවීමත් ඒ සඳහා මුදල් වෙන් කිරීම අසීරු බව, මහා භාණ්ඩාගාරය දැනුම් දී තිබීමත් සමඟ මෙම කරුණු යෝජනා වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 05:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්