fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාවික හමුදාවේ දායකත්වයෙන් ගාලු මුවදොර වෙරළ තීරයේ රුක් රෝපණ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 17:21

නාවික හමුදාවේ දායකත්වයෙන් ගාලු මුවදොර වෙරළ තීරයේ රුක් රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සීමාසහිත ශ්‍රී ලංකා නැව් සමාගම  එක්ව අද දින (23) ගාලු මුවදොර වෙරළ තීරය ‍කේන්ද්‍ර කර ගනිමින් රුක්රෝපණ වැඩසටහනක් පැවැත් වුණා.

ඒ අනුව, මෙම රුක් රෝපණ වැඩසටහන යටතේ, ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් මූදිල්ල පැළ පනහක පමණ ප්‍රමාණයක් රෝපණය කිරීමට කටයුතු කල අතර, එමඟින් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සුරැකීම අපේක්ෂා කරනු ලබයි.

තවද, මෙම අවස්ථාව සඳහා හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) ඇතුළු ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නාවික පුද්ගලයන් සහ සීමාසහිත ශ්‍රී ලංකා නැව් සමාගමේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 17:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්