fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉන්දියාවේ සහාය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 15:59

මෙරට ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉන්දියාවේ සහාය

මෙරට ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහාය උපරිමයෙන් ලබා දෙන බව ඉන්දියාව අවධාරණය කරනවා.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා මෙරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්ත්‍යන්ජල් පාන්ඩේ යන මහත්වරු අතර පැවති හමුවේදී මේ පිළිබද අවධානය යොමු කර තිබෙනවා.

දෙරට අතර දීර්ඝකාලීනව මිත්‍රත්වයක් පවතින බවත් විවිධ අවස්ථාවලදී ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සහාය දක්වා ඇති බවද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

ඉන්දීය ධීවර විශේෂඥයන් පිරිසක් මෙරට ධීවර අංශය සංවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට නියමිතයි.

මුහුදු කූඩැල්ලන්, කකුළුවන්, ඉස්සන් හා විසිතුරු මත්ස්‍යයින් ඇති කිරීම සදහා මෙසේ උපදෙස් හා තාක්ෂණික සහාය ලබා දීම සිදු වනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්