fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 14:57

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වන විට ඉහළ යමින් පවතිනවා.

මීට සති දෙකකට පමණ පෙර අත්තනගලු ඔයේ ජල මට්ටම ඉතා පහළ මට්ටමක පැවතුනා. කෙසේ වෙතත් වර්ෂාව ලැබීමත් සමඟ ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවනවා. ජල පෝෂක ප්‍රදේශයට මේ දිනවල අධික වැසි ලැබෙමින් පවතිනවා.

ඒ හේතුවෙන් පහත් බිම් කිහිපයක සුළු ජල ගැලීම් තත්ත්වයකුයි පවතින්නේ. විශේෂයෙන් අස්වනු නෙලීමට ඇති වෙල්යාය කිහිපයකම  ජලය රැදී පවතිනවා.

බොහෝ කුඹුරුවල අස්වනු නෙලීම අවසන් කර තිබුණද තවත් කුඹුරු කිහිපයකටම වර්ෂාව හේතුවෙන් හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්