චීනයේ සිදු කෙරෙන යුද අභ්‍යාස වැඩි කිරීම අසාමාන්‍ය තත්ත්වයක් බව තායිවානය අනතුරු අඟවනවා.
චීන හමුදා අභ්‍යාස සිදු කරන වාර ගණන වැඩි කිරීම ඉදිරි ගැටුමක පෙර නිමිත්තක් බවයි තායිවාන ආරක්ෂක අමාත්‍ය චියු චෙන්ග් පවසන්නේ.
චීනය ප්‍රහාරක ජෙට් යානා, ඩ්‍රෝන යානා, බෝම්බ හෙලන යානා සහ අනෙකුත් ගුවන් යානා රැසක් මෙම අභ්‍යාස සඳහා යොදාගෙන තිබෙනවා.
එමෙන්ම යුද නැව් සහ චීන ප්‍රවාහන නෞකා තායිවානයට ඔබ්බෙන් ගමන්කර තිබෙනවා.
මෙය කණගාටුදායක තත්ත්වයක් බවයි තායිවාන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටින්නේ.