fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනි අවි සහ දඩ මස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 12:56

ගිනි අවි සහ දඩ මස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

කහවත්ත ප්‍රදේශයේ සතුන් දඩයමේ යෙදී සිටි පුද්ගලයින් තිදෙනෙකු ගිනි අවි හා දඩ මස් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ බුළුවාන, අටකලම්පන්න ප්‍රදේශයේ දීයි.

එහි දී බලපත්‍ර නොමැතිව රුසියාවේ නිෂ්පාදිත බෝර 12 උණ්ඩ භාවිතා කළ හැකි ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 01 ක් සහ බෝර 12 උණ්ඩ හිස් කොපු 10 ක් තිබී ඇති අතර ඉත්තෑ සහ මුව මස් ද සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 42 ත් 59 ත් අතර පසුවන අටකලම්පන්න, සබරකහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් කහවත්ත පොලිස් ස්ථානය වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 12:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්