fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 11:50

ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං

බස්නාහිර , සබරගමුව යන පළාත්වලත් , ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වයඹ පළාතේ මෙන්ම මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඌව සහ නැගෙනහිර යන පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි තත්ත්වයකුයි පවතින්නේ.

තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පුත්තලම සිට කොළඹ ,ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද දිනයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශ විටින් විට රළු විය හැකියි.

ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මොරලියඔය ප්‍රදේශයට ලැබී තිබෙනවා.

එය මිලිමීටර් 87.6ක්.

එමෙන්ම බොහෝ ප්‍රදේශවල අධික සුළං තත්ත්වයක් ද පැවතුනා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්